උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි සදහන් කර ඇත.

ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත, ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි වේ.

මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.