2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා(31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මෙම වසරේ ජනවාරි මාසයේ දී පැවැති අපොස උසස් පෙ​ළ විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි

සෙසු 65,531 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් වෙයි.