එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදුවී අද (21) ට වසර තුනක් සපිරෙයි.

එම නෞකාව ගිනිගැනීම හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු කලාපයේ පරිසරය දූෂණය ට ලක්වීම නිසා අදටත් ධීවරයින් අපහසුතාවයට පත් වී ඇතැයි චෝදනා කරයි.

මේ අතර හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවර සමිති 9 ක සාමාජිකයින් තමන් මුහුණදී ඇති ගැටලුවලට ප්‍රතිකර්ම යොදන ලෙස බලකරමින් අද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබූ අතර ඔවුන් ඇලකන්ද තෙක් පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වී ඇ​ත.