ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය වශයෙන් එලිසබෙත් හෝස්ට් මහත්මිය නම් කර ඇති බව වාර්තාවේ.

මෙම පත්වීම සඳහා ශ්‍රී ලංකා රජයද සිය එකඟතාව ලබාදී ඇතැයි වැඩි දුරටත් වාර්තාවේ.

එලිසබෙත් හෝස්ට් මහත්මිය මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ නව තානාපතිනිය ලෙස නම් කර ඇත්තේ වත්මන් මෙරට ඇමෙරිකානු තානාපතිනිය ලෙස සේවය කරනු ලබන ජුලි චන්ග් මහත්මියගේ සේවා කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිත වන බැවින් ය.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් වන එලිසබෙත් මහත්මිය වර්තමානයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම්වරිය ලෙස කටයුතු සිදුකරනු ලබයි.