පවතින ,ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් කඩාවැටී ඇති ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සදහා ප්‍රාග්ධන සහය ලබා දීමට ආසියානු සංවර්ධනය බැංකුව එකගතාව පලකර තිබේ.

යෝජිත වැඩසටහන මගින් දැනට ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පූළුල් කරගැනීමට සහ ප්‍රකෘතිමත් කරගැනීමට අවශ්‍ය ණය පහසුකම් බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු හරහා සහනදායි පොලී අනුපාත ලබාදීමට අපේක්ෂා කරනු ලබයි.

සංරචක දෙකකින් යුතු එකී ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 20ක් යෙදවීමට නියමිත අතර ,ඉන් රුපියල් බිලියන 15ක් දැනට පවත්වාගෙන යනු ලබන සහ නව වව්‍යවසායන් ශක්තිමත් කිරීමටත්, ව්‍යවසායයන්ට සහය වීමටත් යොදවා ඇත .

ඒ අනුව ,යෝජිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි .

එ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් තම ව්‍යාපාර කටයුතු සදහා බැංකු මගින් ලබාගන්නා ලද ණය මුදල් නිසි පරිදි ගෙවා නිම කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් සැලකිය යුතු පිරිසකගේ දේපළ පවත්නා නීතිමය විධිවිධාන අනුගමනය කරමින් බැංකු විසින් පවරාගෙන වෙන්දේසී කිරීමට පියවර ගනිමින් සිටියි.

ඒ හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පැන නැගිය හැකි අර්බුධකාරි තත්වය සමනය කිරීමට යම් කිසි සහන කාල සීමාවක් ලබා දිය යුතු බවත් දේපළ අත්පත් කරගැනීම සදහා අනුගමනය කරන ක්‍රමවේදය 2024-12-15 දින දක්වා තාවකාලිකව අත් හිටුවීමටත් ජනාධිපතිවරයා විසින් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි