කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව සදහා 2006-11-27 දින අත්සන් තැබුණු ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ 2024-2026 කාලසීමාව සදහා නව ක්‍රියාකාරි සැලැස්මට අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි  කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි .

ඒ අනුව වියට්නාම සමාජවාදි ජනරජයේ කෘෂිකාර්මික හා ග්‍රාමිය සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යාතියන්තර සහයෝගිතා දෙපාර්තුමේන්තුව සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය විසින් එකී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය .