2024 පැරිස් ඔලිම්පික් උලෙළේ ආරම්භය සදහා ඔලිම්පික් උලෙළේ ගිනිසිළුව සත්කාර ප්‍රංශය වෙත රැගෙන එනු ලැබුවේ දැඩි ආරක්ෂක රැකවල් මැද මාර්සෙල් පැරණි වරායේදී පැවැති විචිත්‍රවත් උත්සවයකින් අනතුරුවයි.

අප්‍රේල් මස 16 වැනිදා ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී දල්වන ලද මෙම ගිනිසිළුව ග්‍රීසියේ දින 11ක කාලයක් සංචාරය කිරීමෙන් පසු ප්‍රංශය වෙත රැගෙන ඒම ආරම්භ කළේ 19 වැනි සියවසේදී යාත්‍රා ඇරඹුණු ප්‍රංශයට අයත් ද බෙලම් රුවල් නෞකාවෙන්.

ප්‍රේක්ෂකයින් එක්ලක්ෂ 50,000ක පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති ඔලිම්පික් ගිනිසිළුව පිළිගැනීමේ උත්සවයට ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් ද එක්වුණා

මෙහිදී ඔලිම්පික් ගිනිසිළුව රැගත් ද බෙලම් රුවල් නෞකාව මාර්සෙල් වරාය වෙත රැගෙන එනු ලැබුවේ ප්‍රංශයට අයත් කුඩා බෝට්ටු 1024කින්.

තව දින 79කින් ඉතා උත්කර්ශවත් අයුරින් ඔලිම්පික් උළෙල ආරම්භවනු ඇති.