කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අවුරුදු 34ක පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔවුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා නිවසේ රැදී සිටි මෙම පුද්ගලයා යතුරුපැදියේ නංවාගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැක සිතූ නිවැසියන් යතුරුපැදිය පසුපස හඹාගොස් තිබෙන අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා කොරතොට වැලිහිංතුඩුව මහවෙල ප්‍රදේශයේදී හිස බරපතල තුවාල සහිතව වැටී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව අතුරුගිරිය රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර ඇති අතර ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.