කතානායක මහින්ද යාපාඅබේවර්ධනට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ ​විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දෙවැනි දිනටත් පැවැත්වේ.

මේ වන විට නියෝජ්‍ය  ක​තානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ අතර, විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව ඊයේ තීරණය කළේය.

ඒ අනුව හෙට (21) දිනයේදීත් විවාදය පැවැත්වීමට නියමිතය.