කතානායක  මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ  දෙදින විවාදය අද ආරම්භ වනවා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 වෙනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි අද සහ හෙට එම විවාදය පැවැත්වීමට තීරණය කෙරුණා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 05. 30 දක්වාත්, හෙට පෙරවරු 09. 30 සිට පස්වරු 04 .30 දක්වාත් එම විවාදය පැවැත්වීමට නියමිතයි.

හෙට පස්වරු 04.30 ට විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටයි එහිදී තීරණය වුණේ.

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන සන්ධානය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම විසින් බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ.