කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස සිය නිවෙසේ මියගොස් සිටියදී පොලසිය විසින් සොයා ගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ගාල්ල, තලගහහේන පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රභාත් චාමර සම්පත් නැමති 37 හැවිරිදි අයෙකි.

අදාළ වෛද්‍යවරයාගේ බිරිඳ ද කරාපිටිය රෝහලේම සේවය කරන වෛද්‍යවරියකි.

සිදුවීම සිදුවු අවස්ථාවේදී වෛද්‍යවරිය නිවසේ සිට නොමැති අතර, මියගිය වෛද්‍යවරයාගේ දේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇත.

ඔහු වස පානය කර මියගොස් ඇති බව දැනට වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.