ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය අද (21) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මේ වනවිට එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටින බවත් ටිකට් විකිණීමේ කවුන්ටර් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති අතර එහි දක්වා ඇත්තේ ටිකට් 2,000ක් පමණක් විකිණීමට ඇති බවය.

ක්‍රීඩාංගණයේ, ප්‍රේක්ෂකයින් සඳහා ඇති ඉඩ සැලකිල්ලට ගෙන එවැනි ටිකට් ප්‍රමාණයක් විකිණීමට තීරණය කළ බව ඒ සම්බන්ධයෙන් විමසූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේය.

මේ අතර සමහර ප්‍රේක්ෂකයින් චෝදනා කළේ ජාතික හැඳුනුම්පත සඳහා නිකුත්කරන්නේ ප්‍රවේශ පත්‍ර දෙකක් පමණක් බවය.

එවැනි තීරණයක් ගනු ලැබුවේ “කළු කඩ” තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට බව එම නිලධාරියා පැවසීය.