කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණය පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව සැලකිලිමත් වන ලෙස එම නිවේදනයේ සදහන් .
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරයි .
කල්පිටිය සිට කොළඹ හරහා බේරුවල දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50 -60 දක්වා වැඩි වන අතර එම මුහුද විටින් විට රළු වන බව වාර්තා වනවා.
එම මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.