දැනට වඳවී ගොස් ඇති නවසීලන්ත “huia” නම් පක්ෂියාගේ තනි පිහාටුවක් ඩොලර් 28,400කට අධික වාර්තාගත මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇති අත​ර එය ලෝක වාර්තාවකි.

එම වෙන්දේසියේදී මෙම පිහාටුව වෙන්දේසි වෙතැයි අපේක්ෂා කර තිබුණේ ඩොලර් 3,000කට යැයි විදෙස් මාධ්‍යයන් වාර්තා කර ඇත.

එසේම මෙතෙක් පැවති වාර්තාව ද හිමිකරගෙන තිබුණේ මෙම පක්ෂියාගේ ම පිහාටුව කි. නමුත් එම මිලට වඩා 450% ගුණයකින් එම පිහාටුව අලෙවි වී ඇති බව වෙන්දේසිය සංවිධානය කළ ආයතනය පැවසීය.

“huia” පක්ෂියා මවෝරි ජනතාව පූජත්වයෙන් සලකයි.  එම පක්ෂීන්ගේ පිහාටු හිස් පළඳනා සඳහා සවිකිරීමට, තෑගී ලෙස හෝ විකිණීම සඳහා ද එම ජනතාව භාවිත කර ඇත. නමු​ත් “huia” පක්ෂියා අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී ය.