ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් ද, කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් ද, අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා පැවසීය.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බව ද එම සංගමය සඳහන් කළේය.