අද (26දා) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි20 තරගය කඩුලු 06කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම  සමත්වුණා

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

කෙසේ නමුත්  මෙම තරගයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනු​ව කොදෙව් කණ්ඩායමට පන්දුවාර 15කදී ලකුණු 99ක ඉලක්කයක් හිමිවුණා.

එම ඉලක්කය කඩුලු 04ක් පමණක් දැවී තිබියදී පන්දුවාර 14.1කදී පසුකර යාමට කොදෙව් කණ්ඩායම සමත් වීමත් සමග තරග තුනකින් යුත් මෙම තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමට කොදෙව් ක්‍රීඩිකාවන්ට හැකිවුණා.