මෙවර IPL තරගාවලියේ තෙවන තරගය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට තීරණය කලේය.
ඒ අනුව පිටියට පිවිසියේ කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 අවසානයෙ කඩුලු 8ක් දැවී ලකුණු 208ක් රැස් කල අතර එහිදි විශිෂ්ට පිතිකරණයක නිරත වු පිල් සෝල්ට් පන්දු 40කදි ලකුණු 54ක් සහ සහ ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩෘ රසල් නොදැවී පන්දු 25කින් වේගවත් ලකුණු 64ක් රැස් කිරිමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පැමිණි සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයෙ ලකුණු 204ක් පමනයි. එ අනුව තරගය ලකුණු 04 කින් තියුණු ලෙස ජයගැනීමට කොල්කටා කණ්ඩායම සමත්විය.
තරගයේ අවසන් පන්දුවාරයේ ජයග්‍රහණයට ලකුණු 13 ක් අවශ්‍යව තිබූ මොහොතේ විශිෂ්ට පන්දුයැවීමක නිරතවෙමින් හර්ෂිත් රානා ලකුණු 08 ක් පමණක් ලබාදෙමින් තරඟය ජයග්‍රහණය කරා ගෙන ගිය අතර ඔහු එම පන්දුවාරයේ කඩුලු 02 ක් ද බිඳ හෙලීමට සමත් විය.
සන්රයිසස් කන්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකල හෙන්රිච් ක්ලාසන් පන්දු 29 කදී වේගවත් ලකුණු 63 ක් රැස් කිරිමට සමත් වු නමුත් ජයග්‍රහණයකින් ඉනිම අවසන් කරන්නට ඔහුට නොහැකි විය.
– සසිදු සහන් තාරක