කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ වල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසනවා

ඊට අදාළ චක්‍රලේඛය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබාදිමට නියමිත බවද අමාත්‍යංශ ලේඛම්වරයා සදහන් කළා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මගින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බවය.

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින කුඩා ජල මාර්ග, පැති කාණු අවහිරවීම ජලගැලීම්වලට ප්‍රධාන හේතුව බවට හදුනාගෙන තිබෙන බවද ලේකම්වරයා පවසයි.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක වෙයි.

කොළඹින් පිට ජලාපවාහන කටයුතු වැඩිදියුණු කිරීම හා නාගරික භූමි අලංකරණ ව්‍යාපෘතිය, පැලන්ගස්තුඩුවේ පොම්පාගාර ව්‍යපෘතිය වැසි ජල පොම්පාගාර ගංවතුර දොරටු ඇතුලු ගංවතුර පාලන පහසුකම් ක්‍රියාතක්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, ඒකාබද්ධ ගංවතුර කළමණාකරණ පද්ධති සහ ත්‍යතයකාලීන පාලන දත්ත ම්‍යධස්ථාන සදහා ස්ථාපිත පහසුකම් ක්‍රියාත්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, පිළියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාපවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජලපෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල එම ව්‍ය්‍යාපෘති 07යි.