ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීන්දු තීරණ නිසා රජයට සහ ජනතාවට විශාල පාඩු සිදුවෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටියි.

ගම්පහ මහ නගර සභාවේ ගැටලු විසඳීම සදහා පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේය.

වැඩිදුරටත් මෙහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ අද වන විට ඇතැම් රාජ්‍ය ආයතන වල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවත් නිලධාරීන්ගේ වැරිදි නිසා අවසානයේ ජනතාවගේ චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවත් ය.