ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට  මේ වන විට සියලු සැලසුම් සකස් කරඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මීටර් 850ක් සහ මීටර් 150ක දිගින් යුත් දියකඩන දෙකක්, වරායේ පත්ල මීටර් 12.05ක් දක්වා ගැඹුරු කිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදිය මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර මෙම සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක් වැය කිරීමට නියමිතයි.

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන පාරිසරික හා වනජීවී ගැටලු නිරාකරණය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා.