අද (26) දිනයේ  ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගම​යේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවයි

අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ද ගුරුවරුන් පවසා තිබුණු අතර දරුවන්ගේ දෙවන පාසල් වාරය ආරම්භ සමග මෙලෙස ගුරු – විදුහල්පතිවරු වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඬාල වී තිබනවා