මෙරට 40,000ක් පමණ ගුරු පුරප්පාඩු පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා.

ඊයේ (19) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව කියා සිටියා

විශේෂයෙන්ම බස්නාහිර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල මෙලෙස ගුරු හිඟය වැඩි  බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කළා.

ගුරු හිඟය පියවීමට රජය කටයුතු නොකළහොත් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස බාධා එල්ලවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන්  කළා.