තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.

හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට මෙම යූරියා පොහොර මිටිය හිමිවන බව ද ඇමතිවරයා සදහන් කර තිබේ.

මේ වනවිට අදාළ වැඩසටහන දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් ලබාදීමේ වැඩසටහනද මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.