හිටපු ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆුව පාලක කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා දැමූ බව චීන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

දූෂණ චෝදනා එල්ල වීම මත බලගතු මධ්‍යම හමුදා කොමිසමේ හිටපු සාමාජිකයෙකු ද වූ ලී එම තනතුරෙන් ඉවත් කර මාස අටකට පසුව කොමියුනිස්ට් පක්ෂය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කිසි​දු පැහැදිලි කිරීමකින් තොරව ඔහුව තනතුරෙන් ඉවත් කර තිබෙනවා

චීන රාජ්‍ය මධ්‍යට අනුව හිටපු ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆුගේ ගේ පූර්වගාමියා වූ ආරක්ෂක ඇමති, Wei Fenghe ද දූෂණ චෝදනා මත කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හැර තිබෙනවා.