පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර පවසා ඇත.

ඒ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සිය ඡන්ද කොට්ඨාසයෙන් භාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ද ඇමතිවරයා සදහන් කර තිබේ.

ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බවයි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නිර්මාණි ගුණරත්න