පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මාර්තු මස 9 වන දා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වු මුලික වැටුප ගෙවීමට තීරණය කර ඇත.

එළැඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර සියලුදෙනාටම මුලික වැටුප හිමිවන බව ද සදහන් වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් ලෙස රජයේ නිලධාරීන් 3,000ක් පමිණ නාමයෝජනා භාරදී ඇති අතර, ඔවුන්ට ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි වැටුප් රහිත නිවාඩු ලබාදී තිබේ.

නමුත්, පළාත් පාලන ආයනු ඡන්ද විමසීම දැනට කල් තබා ඇති බැවින්, ඔවුන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසිමාව දීර්ඝ වීම හේතුවෙන් එම නිලධාරීන් ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇත.

එම නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති රජයේ නිලධාරින් සඳහා වැටුප් ලබා දීමට තීරණය කර ඇත.

නිර්මාණි ගුණරත්න