ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කළේය.
නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදුකෙරෙයි.
නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර සෙසු ආගමික නායකයන් ද ආගමික වතාවත් සිදුකර ආශිර්වාද පළකළහ.
කාර්යාලය පිහිටුවීමේ මූලික කටයුතු එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.
මහාචාර්ය මෛත්‍රී වික්රමසිංහද අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.