ලොව පුරා විසිරී සිටින රසික ප්‍රජාවකට හිමිකම් කියන පාකිස්ථානු ජාතික ගායක සංගීතඥ Rahat Fateh Ali Khan සිය සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.

 

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි හෝටලයක් තුළ දී එම පුද්ගලයාගේ හිසකෙස් වලින් අදිමින් ඔහුගේ හිසට නොනවත්වා සෙරෙප්පුවකින් පහර දෙමින් සිදු කර ඇති මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් ජනප්‍රිය ගායකයා පවසා ඇත්තේ මෙවැන්නක්. “ඔහු මගේ සිසුවෙක්. මෙය ගුරුවරයා හා ගෝලයා අතර ඇතිවූ පෞද්ගලික ප්‍රශ්නයක්. ඔහු මට දරුවකු වගෙයි. ඔහු හොඳක් කළොත් මම ඔහුට ආදරය දෙනවා. ඔහු වරදක් කළොත් දඩුවම් දෙනවා.” මෙම සිදුවීමට මුහුණ දුන් තැනැත්තා ද ප්‍රකාශ කර ඇත්තේ මෙම වීඩියෝව සිය ගුරුවරයා කෙරෙහි වැරදි පණිවුඩයක් ලබා දීමට යම් කිසි පුද්ගලයෙකු විසින් මුදාහැර ඇති බවයි.

 

කෙසේ වෙතත් මෙම වීඩියෝව බොහෝ දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇති අතර, මේ වන විට 49 හැවිරිදි වියේ පසුවන Rahat Fateh Ali Khan බ්‍රිතාන්‍ය රජුගේ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ව්‍යාපාරයේ (King Charles’ anti-violence charity) තානාපතිවරයෙකුද වනවා.

එම වීඩයෝව පහතින් :-