ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර  ඇති අතර ඒ සදහා අදාළ උපදෙස් නිලධාරින්ට ලබා දී ඇති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියා

මේ වනවිට  ඡන්ද පවත්වන ස්ථාන පිළිබද තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් රැස්කරමින් සිටින‍ අතර ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව ද ඔහු අවධාරණය කර සිටියා.

ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින අතර ඒවා රජයේ කර්මාන්ත ශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගැනීමට නියමිත බවද සභාපතිවරයා පවසා සිටියා

මේ අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ඉදිරියේ දී පැවැත්වන බවට සදහන්

ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ ලබන සතියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එහි දී දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් මූලිකව සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.