මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (22) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා මුදල් වෙන්කර අවසන් බවයි.

ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවටත් ඒ සම්බන්ධයෙන් නොයෙකුත් පාර්ශව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවටත් පසුගිය දිනවල දේශපාලන වේදිකාව​ල විවිධ මත පළවිය.