ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරනතුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

මෙම පෙත්සම ව්‍යවසායකයෙකු ව​න සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වේ.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.