දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය අද (09) දින රුසියාව මහත් හරසරින් සමරනු ලබයි.

ඊට සමගාමීව ඊයේ (08)  රාත්‍රියේ ද කියෙව් ඇතුළු යුක්‍රේනයේ නගර රැසකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධය වාර්ථා කර ඇත.

තව දුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ දින 08ක් තුළ රුසියාව එල්ල කළ හතරවන ප්‍රහාර මාලාව මෙය වන බවත්, ඊයේ එල්ල කළ ප්‍රහාරය රුසියාව විසින් සිදුකළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාව බවත් ය.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව ද  සදහන් වේ.

ඉන්ධන ගබඩා, ආහාර ගබඩා ඇතුළු ඉලක්ක වෙත එම ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වේ.

සසිඳු සහන් තාරක