අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය  සමත්විය.

ඔහු කඩුලු 50ක් දවාගැනීමට වැයකර ඇත්තේ ටෙස්ට් තරග 7ක් පමණි.

මේ අතර එම ටෙස්ට් තරග 7 තුළ ඉනිම 11ක පන්දු යවමින් ප්‍රභාත් ජයසූරිය මෙම කඩුලු 50 දවාගැනීමට සමත්වි ඇත.

ඒ අනුව අඩුම ඉනිම සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සමකිරීමට ද ප්‍රභාත් සමත්වීම විශේෂත්වයක් වේ.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අද (28) යි.