ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කර ඇත.

ඒ අනුව කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවා තිබේ.

එසේම කඩුවෙල සහ කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශවලටත් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලටත් මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇත.

අඹතලේ සිට ජලය සපයන නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.