ඇමරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව ඇත.

ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේදියි මෙම අනතුර සිදුව තිබේ.

එහිදී පුහුණු නියමුවන් සමග යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුරට ලක්වූ යානාවේ සිටි සෙබළුන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සෙබලෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට හමුදා ප්‍රකාශක John Pennell ප්‍රකාශ කර ඇත්තේ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවය.