ජර්මනියේ කුඩා නගරයක් වන ලිම්බර්ග් ඇන් ඩර් ලාන් ( Limburg an der Lahn) හි  සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට එම නගරයේ බලධාරීන් තීරණය කර තිබෙනවා.

ජනමත විචාරණයකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි ඔවුන් පවසා සිටියේ .

පරවියන්ගේ මළපහ නිසා මෙම තීරණයට එළැඹි බවත් වසර ගණනාවක සිට නගරයේ පරවියන් නිසා තමන් කලකිරීමට පත්ව සිටින බවත් එම නගරයේ ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් පවසා සිටියා

කෙසේ නමුත් මෙම තීරණයට සත්ව සංවිධාන දැඩි විරෝධයක් දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි