මෙම වසරේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කළා.
එමෙන්ම ජල ගාස්තු සඳහා මිල සූත්රයක්ද හඳුන්වාදීමට කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර පවතින විදුලි ගාස්තුව අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයෙන් සිදුවූ බලපෑම සමනය කිරීම පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ එම නිර්දේශය මහජන උපයෝගිතා කොමිසම වෙතද දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කළේ.