ජාතික වෙසක් සතිය හෙට(02) දිනයෙන් ආරම්භ වේ.

හෙට සිට ලබන 8 වැනිදා දක්වා පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසා ඇත.

එමෙන්ම මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා ඇති මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී  ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.