ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් පසුවූ  ඒ මහතා අද (01) උදෑසන නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු 83 වන වියෙහි පසුවිය.

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට ඔහු  සිය දායකත්වය දක්වා ඇත.

ජී. ආර්. පෙරේරා යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ සිය රංගනය දැක්වූ ප්‍රවීණ  නළුවෙකි.

ඔහු දශක පහකට අධික කාලයක් වෘත්තීය ජීවිතයක් ගත කරමින් රූපවාහිනී කතාමාලා 600 කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී  තිබේ.

තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘‘තුන්කල් සිහිනය’’ කතාමාලාව ඔහුගේ  සිය ප්‍රථම ටෙලි නාට්‍ය වේ.

ඉන් පසු “දූ දරුවෝ” කතා මාලාවේ “මලකඩ බාස්” චරිතය ඔහුගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය.

1971 දී ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කරන ලද වැලිකතර චිත්‍රපටයෙන් සුළු භූමිකාවක් රග දක්වමින් ඔහු චිත්‍රපට  ක්ෂේත්‍රයට පිවිසිය.