මෙම වසර අවසන් වීමට ප්‍රථම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් රජය විසින් ලබා දීමට පියවර ගෙන ඇත.

ඉදිරි මාස හයක කාලය තුළ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබා දීම කෙරෙහි රජය විසින් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අඩූ ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹන බවත් එක් පවුළකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ඇමතිවරයා සදහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

‘විශේෂයෙන් විදුලි බිල ඉදිරි මාසය හෝ මාස දෙක තුළ අඩු කරනවා. ඒ වගේම ඉන්ධන මිලත් අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරනවා. ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙනවා. ඒ වගේම බදු සහන ඉල්ලා මේ දවස්වල සමහර අය කෑගහනවා. ඒ අයටත් කියන්නේ ඔවුන් ඉල්ලා සිටි බදු සහනත් අපි රජයක් වශයෙන් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා බදු සහන ලබා දෙන ඉල්ලා කෑ ගහන්නට දැන් අවශ්‍ය වන්නේ නැහැ.ඒ වගේම රාජ්‍ය සේවකයින් සඳහා වැටුපට අමතරව විශේෂ දීමනාවකුත් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.’

නිර්මාණි ගුණරත්න