නිරිත දිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගය නැවත ව්‍යාප්ත වීමේ වර්ධනයක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර සිටිනවා.

මේ වනවිට ඩෙංගු රෝගීන් 23,000ක් වාර්තා වන බවත් කොළඹ ,ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්ක වල මේ විනවිට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බවත් වැඩිම රෝගීන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළා.

මේ වසරේ ඩෙංගු රෝගය හේතුවෙන් මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යව 09ක්.

කෙසේ නමුත් මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක් නම් කර තිබෙනවා.

වර්ෂාව ලැබීමත් සමග කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද සදහන්