ඊයේ (03) පැවති  ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම  සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම තරගය පරාජය වීමෙන් අනතුරුව පැවැ​ති මාධ්‍ය  හමුවේ​දී  නායක වනිදු හසරංග පරාජයට හේතු පවසා සිටියා

“අපේ ස්ට්‍රෙන්ත් එක බෝලින්. අපිට ඕනේ වුණේ යම්කිසි ලකුණු ප්‍රමාණයක් බෝඩ් එකට දාලා අපි එයාලට ප්‍රෂර් එක දීලා, අපි දන්වා අපේ බෝලීන් අපි අන්තිම 20යි 20 තරග සියල්ලම ජයග්‍රහණය කළේ දෙවනියට බෝල් කරලා. ටීම් එකක් විදිහට අපි කතා වෙලා අපේ තියෙන ස්ට්‍රෙන් එකත් එක්ක ගත්තු තීරණයක්. අපි දැක්කා අපි දෙවනියාට බෝල් කරලත් කොච්චර පීඩනයක් ඒ අයට දුන්නද කියලා. ගත්තු තීරණයේ වැරද්දකට වැඩිය අපි ඒ වෙලාවේ දාගත්ත ටාර්ගට් එකේ වැරුද්දක් මම දකින්නේ. විකට් එක එච්චර අමාරුවෙලත් මම හිතන්නේ ලොකු ටාර්ගට් එකක් ඔළුවේ තිබුණා අන්තිම වෙනකම්. අපි ඒක අඳුරගත්තේ පස්සේ. ඒකයි අපිට වුණේ. අපි ටාගට් එක වෙනස් කරලා 125ක් 130ක් ට්‍රයි කරානම් මම හිතන්නේ මේක වෙන ග්‍රවුන්ඩ් එකක ලකුණු 180 ප්ලස් කියලා තේරෙනවා. මේ ග්‍රවුන්ඩ් එකේ බෝලේ ගැහුවමා බිම දිගේ යන්නේ. මේ දේවල් එක්ක අපි ටීම් එකක් විදියහට මැච් එක යන වෙලාවේ තව පොඩ්ඩක් අයිඩියා ෂෙයා කරගන්න ඕනේ කියලා. අපේ ඔළුවේ වැඩ කරේ 160 ප්ලස් ලකුණු ගහන්න. මම හිතන්නේ ඒක තමයි වුණ අතපසුවීම. මම ඇතුළුව පිතිකරුවන් කතා කරගත්තනම් අපි ඒක නෙමෙයි කරන්න ඕනේ අපි 130ක් බැලුවානම්, මේ ග්‍රවුන්ඩ් එකේ 130ක් කියන්නේ 180ක් වගේ ලකුණු ප්‍රමාණයක් අපි එක් බැලුවනම් හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න තිබුණා.”

කෙසේ නමුත් මෙය හොඳ ආරම්භයක් නොවන බවත්, ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කර ජයගැනීමට බලාපොරොත්තු වන බවත් වනිඳු හසරංග වැඩිදුරටත් පවසා සිටියා