රාජාණ්ඩුවට අපහාස කළ බවට චෝදනා ගොනු කෙරුණු තායිලන්තයේ බලගතු දේශපාලඥයෙක් ව​න හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට ඇප ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්  ජූලි 3 සහ ජුලි 10  තවත් නඩු දෙකක නඩු විභාගයන් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙන් වෙන් වශයෙන් දින නියම කර තිබෙනවා.

එම නඩු ගොනු කර ඇත්තේ එර​ට විපක්ෂය විසින්.

තයිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කිරීම පිළිබඳ නීතියට අනුව රාජාණ්ඩුවට අපහාස කරන ඕනාම පුද්ගලයෙකු​ට වසර තුන සිට 15 දක්වා සිර දඬුවම් ලැබිය හැකියි.

එය ගෝලීය වශයෙන් එවැනි දරුණුතම නීති අතර වන අතර රජයේ විවේචකයන්ට දඬුවම් කිරීම සඳහා තායිලන්තය අතීතයේ සිටම භාවිතා කර තිබෙනවා.