දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබේ.
මෙම රෝහල මහල් හයකින් යුක්ත වන අතර ඇඳන් 640කින්, ශල්‍යාගාර හයකින් සමන්විත වේ.
එමෙන්ම මෙම රෝහල හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්තය.