කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඊයේ (14) ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

තවද අධිකරණයේ නියෝගයෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් කැඳවූ රස පරික්ෂණ වාර්තාව මෙතෙක් නොලැබුණු බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ රස පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් නැවත සිහිකැඳවීමක් රස පරීක්ෂකයා වෙත යොමු කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග එහිදි නියෝග කර ඇත.