ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

අනුරාධපුරයේ පැවති රාජකාරී කටයුත්තකට සහභාගි වී සිටියදී දුම්රිය නිවාඩු නිකේතනයේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවත් ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.