ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ  ක්‍රියාකලාපය විවේචනය කරමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා  විසින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් භාර දී තිබේ.

දයාසිරි ජයසේකර මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණ හා කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කරමින් පක්ෂයේ සංවිධායකවරුන් අතර ප්‍රතිවිරෝධතා මතුවන ආකාරයෙන් කටයුතු කරන බවටත්  ඉන්  වෙනත් විවිධ කල්ලි කණ්ඩායම් ගොඩ නැගීමට උත්සහ දරන බවත් දුමින්ද දිසානායක මහතා  ලිපියේ සදහන් කර ඇත.

එය මෙවර පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන් අවස්ථාවේදී ද  දැඩි ලෙස නිරික්ෂණය වූ බව  දුමින්ද දිසානායක මහතා එම ලිපියේ සදහන් කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ,