විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ  කටයුතු ඩිජිටල්කරණයට ලක් කරන්නැයි ඉල්ලමින් ශ්‍රි ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැදවුම්කරු <span;>අමන්ද රණසිංහ මහතා විසින්  ශ්‍රි ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ සභාපති A.A.M හිල්මි  මහතා වෙත  ඊයේ (11දා) ලිපිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ දුර බැහැර  මුදල් වියදම් කරමින් පැමිණෙන ජනතාව හට මෙම සේවය ලබා දීමෙන් ඔවුන්ට මෙම කටයුතු කර ගැනීමට මහගු රුකුලක් ඇතිවෙන බවත් ඉන්  ජනතාවගේ කාලය හා මුදල්  වියදම්  අඩුවෙන බවත් එම ලිපිය බාර දෙමින් අමන්ද රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මේ සඳහා ක්‍රියාමාර්ග රැගෙන තියෙන බවත් එයට අවශ්‍ය නවීන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් මෙහිදී සභාපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැදවුම්කරු අමන්ද රණසිංහ වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත.

“ඇත්තටම රටට විශාල විදේශ විනිමයක් ලබා දෙන විදේශගත ශ්‍රමිකයන් සඳහා කාර්‍යක්ෂම හා ඉක්මන් සේවාවක් ලබා දීමට ඩිජිටල්කරණය තුළින් හැකිවනවා. එය මේ ක්ෂේත්‍රය විධිමත් කරවීමට මනා පිටිවහළක් වනවා.  කොහොම වුණත් සභාපතිවරයා මේ කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරන බව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අප අවධානයෙන් පසුවන බවත් මෙහිදී කියන්නට අවශ්‍යයයි.

ලෝකයට අපිව අතහැර දුවන්න නොදී අපිත් මේ Universal මැරතන් එක දුවන්න ඕනෙ. නැතිනම් රටක් විදියට අපි පරාජය වෙනවා. රටම ඩිජිටල්කරණය වනතුරු අපි ඩිජිටල් පුරවැසි සංගමය විදියට අපේ කාර්‍යභාරය තවදුරටත් ඉටු කරන්න බැඳී සිටිනවා”