අද දිනයේ  අවුරුදු 12න් පහළ දරුවන් වෙනුවෙන් සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව ජාතික සත්වෝද්‍යා​න ​දෙපාර්තමේතුව පවසනවා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 88 වන සංවත්සරය නිමිත්තෙන් මෙම අවස්ථාව ලබා දී ඇති බවයි ජාතික සත්වෝද්‍යාව දෙපාර්තමේතුව පවසන්නෙ

අක්කර 62ක භූමියක විහිදී ඇති මෙම සත්වෝද්‍යානය 1936 වසරේ ජුලි 3 වනදා රාජ්‍ය ආයතනයක් ලෙස රජයට පවරා ගෙන තිබෙනවා.

දේශීය මෙන්ම විදේශීය සත්ව විශේෂ 220කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය වෙනුවෙන් මේ වන විට එක්කර ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහන් කර සිටියා