රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා.

ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.

ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටී.

දශක දෙකකට වැඩි කාලයක් පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සිදුවන අසාධාරණකම් සඳහා නොබියව පෙනී සිටි ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබෙනවා.